Sulanga Obada Mage Susuma - Kasun Kalhara
—
operator —
Reading time: ~1 minute
සුළඟ ඔබද මගෙ සුසුම - කසුන් කල්හාර - ගී පද
Sulanga Obada Mage Susuma - Kasun Kalhara - Song Lyrics
සුළඟ ඔබද මගෙ සුසුම අරන් යන්න එනවද
සුවඳ ඔබද මතකය ගෙන යන්න යනවද
තරුව ඔබද අහසේ තනි වෙන්න ඕනැද
එයා ඔබද යලි හමුවෙන්න එනවද
සුළඟ ඔබද මගෙ සුසුම අරන් යන්න එනවද
සුවඳ ඔබද මතකය ගෙන යන්න යනවද
තරුව ඔබද අහසේ තනි වෙන්න ඕනැද
එයා ඔබද යලි හමුවෙන්න එනවද
ලැජ්ජාවටදෝ අහක බලන්නේ
හුරතලේටදෝ මුහුණ වහන්නේ
තරහ වෙලාදෝ හිනා නොවෙන්නේ
යලි කවදාදෝ ආපසු එන්නේ
සැනසීමටදෝ ඈත බලන්නේ
ආදරේටදෝ මට රිදවන්නේ
කවුරු නිසාදෝ ඔබ ලතැවෙන්නේ
යලි කවදා දෝ අපි හමුවන්නේ
තනිය මටද මගෙ තනිය මකාලන්න එනවද
සිහින මටද සිහිනෙන් දැක ගන්න එනවද
කඳුළු මටද දෑසේ වියැලෙන්න දෙනවද
දුක මටද මගේ දුක විඳගන්න දෙනවද
ගායනය - කසුන් කල්හාර
ගී පද රචනය - මහින්ද කේ. ප්රේමසිරි
ගී තනුව - හර්ෂ ආරියසිංහ
Play Sample -
MP3 Source - Internet
Category: Kasun Kalhara