Gamata Kalin Hiru - Karunarathna Divulgane
—
operator —
Reading time: ~1 minute
ගමට කලින් හිරු (කලා වැවේ නිල් දියවර අපෙ අම්මා) - කරුණාරත්න දිවුල්ගනේ - ගී පද
Gamata Kalin Hiru (Kala Wawe Nil Diyawara Ape Amma) - Karunarathna Divulgane - Song Lyrics
ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුනා
ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා
රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු සිත නෑ නිවන් දකින්නේ
රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත් නෙත නෑ නිදි විඳ ගන්නේ
හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන නින්දේ සිහින දකින්නේ
මහ මායාවෙනි කවදාදෝ ඔය නෙත් දරු සෙනෙහසින් මිදෙන්නේ
Category: Karunarathna Divulgane