Web Adawiya

Niwahal Sithuwili Sithanaa - WD Amaradeva

— operator — Reading time: ~1 minute

නිවහල් සිතුවිලි සිතනා - ඩබ්ලිව් ඩී අමරදේව - ගී පද
Niwahal Sithuwili Sithanaa - WD Amaradeva - Song Lyrics

නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි
නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි

නිදා නොහිඳ යලි පිබිදී අහස බලන්නේ
නවෝදයේ තෙද ‍රැඳි හිරු පිපී දිලෙන්නේ
නිදා නොහිඳ යලි පිබිදී අහස බලන්නේ
නවෝදයේ තෙද ‍රැඳි හිරු පිපී දිලෙන්නේ

පිදෙන හෙළ රන් ගොයමේ සිරිය උදාරයි
හෙළ නෙත සිත සනහා නව සිහින සදාලයි
පිදෙන හෙළ රන් ගොයමේ සිරිය උදාරයි
හෙළ නෙත සිත සනහා නව සිහින සදාලයි

එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි


ගායනය - ඩබ්ලිව් ඩී අමරදේව
ගී පද රචනය - ඩෝල්ටන් අල්විස්
ගී තනුව - ඩබ්ලිව් ඩී අමරදේව

Play Sample -

MP3 Source - Internet

Category: WD Amaradeva