Mal Pokuru Pokuru - Victor Rathnayake
මල් පොකුරු පොකුරු - වික්ටර් රත්නායක - ගී පද
Mal Pokuru Pokuru - Victor Rathnayake - Song Lyrics
මල් පොකුරු පොකුරු ඇය එන මඟ
ඈ දෙසටම නැමීයන්
මල් අසිරි සිරිය ඇගෙ මුහුණින්
මල් පොකුරට ලැබීයන්
මල් පොකුරු පොකුරු ඇය එන මඟ
ඈ දෙසටම නැමීයන්
මල් අසිරි සිරිය ඇගෙ මුහුණින්
මල් පොකුරට ලැබීයන්
නිල්ල නිලන ගහකොල මත පින්න පිපීලා
ඇගෙ පුංචි ටිකිරි පා වටකොට රංචු ගැහීලා
පින්න පිපීලා ඈ ලඟ රංචු ගැහීලා
ඇගෙ පුංචි ටිකිරි පා වටකොට රංචු ගැහීලා
මල් පොකුරු පොකුරු ඇය එන මඟ
ඈ දෙසටම නැමීයන්
මල් අසිරි සිරිය ඇගෙ මුහුණින්
මල් පොකුරට ලැබීයන්
සිංදු කියන බමරු විලස ලංව නැමීලා
අයැදින්න හිතයි ආදරයක් දෙන්න කියාලා
ලංව නැමීලා සෙනෙහස දෙන්න කියාලා
අයැදින්න හිතයි ආදරයක් දෙන්න කියාලා
මල් පොකුරු පොකුරු ඇය එන මඟ
ඈ දෙසටම නැමීයන්
මල් අසිරි සිරිය ඇගෙ මුහුණින්
මල් පොකුරට ලැබීයන්
මල් පොකුරු පොකුරු ඇය එන මඟ
ඈ දෙසටම නැමීයන්
මල් අසිරි සිරිය ඇගෙ මුහුණින්
මල් පොකුරට ලැබීයන්
මල් අසිරි සිරිය ඇගෙ මුහුණින්
මල් පොකුරට ලැබීයන්
මල් අසිරි සිරිය ඇගෙ මුහුණින්
මල් පොකුරට ලැබීයන්
මල් අසිරි සිරිය ඇගෙ මුහුණින්
මල් පොකුරට ලැබීයන්
ගායනය - වික්ටර් රත්නායක
ගී පද රචනය - අජන්තා රණසිංහ
ගී තනුව - ස්ටැන්ලි පීරිස්
Play Sample -
MP3 Source - Internet