Mal Hasarel Selena Lowak - Chandralekha Perera - Vijaya Kumaranatunga - Keerthi Pasquel
මල් හසරැල් සැලෙන ලොවක් - චන්ද්‍රලේඛා පෙරේරා + විජය කුමාරතුංග + කීර්ති පැස්කුවෙල් - ගී පද
Mal Hasarel Selena Lowak - Chandralekha Perera + Vijaya Kumaranatunga + Keerthi Pasquel - Song Lyrics
මල් හසරැල් සැලෙන ලොවක්
දුල් රසුදැල් අසිරි සලක්
සොඳුරු ඉසව්වක්
තිත් කතරක නෙත් දනවන
සිහින දනව්වක්
මල් හසරැල් සැලෙන ලොවක්
දුල් රසුදැල් අසිරි සලක්
සොඳුරු ඉසව්වක්
තිත් කතරක නෙත් දනවන
සිහින දනව්වක්
කතරක් මැද කොතැනක හෝ
කෙම් බිම් යලි හමුවෙනවා
දුක් අරගෙන යන ගමනේ
හසරැල්ලක් මුසු වෙනවා
කඳුලින් සරුවූ උයනේ
මිනිසත්කම් දළුලනවා
මල් හසරැල් සැලෙන ලොවක්
දුල් රසුදැල් අසිරි සලක්
සොඳුරු ඉසව්වක්
තිත් කතරක නෙත් දනවන
සිහින දනව්වක්
සිත තෙත් ගති නැති දා ලෝ
කොතැනත් කතරක් වෙනවා
හදවත් පිවිතුරු වූ දා
නව කෙම් බිම් බිහි වෙනවා
දෙසිතක් මුසුවූ දැහැනේ
දහසක් මල් පිබිදෙනවා
මල් හසරැල් සැලෙන ලොවක්
දුල් රසුදැල් අසිරි සලක්
සොඳුරු ඉසව්වක්
තිත් කතරක නෙත් දනවන
සිහින දනව්වක්
ගායනය - චන්ද්‍රලේඛා පෙරේරා + විජය කුමාරතුංග + කීර්ති පැස්කුවෙල්
ගී පද රචනය - කුලරත්න ආරියවංශ
ගී තනුව - රෝහණ වීරසිංහ
චිත්‍රපටය - සහරාවේ සිහිනය (1990)
Play Sample -
MP3 Source - Internet