Epa Hiru Paayanna - Victor Rathnayake
—
operator —
Reading time: ~1 minute
එපා හිරු පායන්න - වික්ටර් රත්නායක - ගී පද
Epa Hiru Paayanna - Victor Rathnayake - Song Lyrics
එපා හිරු පායන්න
අදින් පසු මගේ ලොවට
අදයි අවසන් දවස ඇගෙන් මා
මගෙන් ඈ සමුගන්න
සැඳෑ තරු නොදිලෙන්න
සරා සඳ නොනගින්න
වෙලී යුගඳුර සතර
අනු දිසා ගිල ගන්න
ගලා යන නදී දොල මිදී
මිදී නැවතී ඉන්න
එපා හිරු පායන්න
අදින් පසු මගේ ලොවට
අදයි අවසන් දවස ඇගෙන් මා
මගෙන් ඈ සමුගන්න
විය මඩුලු තුරු සිරස
එපා මල් පළඳින්න
වසන්තය නිමා විය
කොවුලනේ ගොළු වන්න
සොබා දම් නෑසියනි සැලී
සැලී කම්පා වන්න
එපා හිරු පායන්න
අදින් පසු මගේ ලොවට
අදයි අවසන් දවස ඇගෙන් මා
මගෙන් ඈ සමුගන්න
ගායනය - වික්ටර් රත්නායක
ගී පද රචනය - කුමාරදාස සපුතන්ත්රී
ගී තනුව - වික්ටර් රත්නායක
Play Sample -
MP3 Source - Internet
Category: Victor Rathnayake