Arunalu Athirena Himidiri Yame - Victor Rathnayake
අරුණළු ඇතිරෙන හිමිදිරි යාමේ - වික්ටර් රත්නායක - ගී පද
Arunalu Athirena Himidiri Yame - Victor Rathnayake - Song Lyrics
අරුණළු ඇතිරෙන හිමිදිරි යාමේ
සිතුවිලි පව්වේ පෙරදිග අහසේ
හිමියනි මම බුදු රැස් දැක ගත්තෙමි
හිමියනි මම බුදු රැස් දැක ගත්තෙමි
අරුණළු ඇතිරෙන හිමිදිරි යාමේ
සිතුවිලි පව්වේ පෙරදිග අහසේ
හිමියනි මම බුදු රැස් දැක ගත්තෙමි
හිමියනි මම බුදු රැස් දැක ගත්තෙමි
කළුවර ගොනුකොට ගිමන් දවන මඟ
ගමන් කලෙමි දුර සසර පුරා
කළුවර ගොනුකොට ගිමන් දවන මඟ
ගමන් කලෙමි දුර සසර පුරා
පස් කම් සම්පත් එක්තැන් කරගෙන
ගමන් කලෙමි දුර සසර පුරා
අරුණළු ඇතිරෙන හිමිදිරි යාමේ
සිතුවිලි පව්වේ පෙරදිග අහසේ
හිමියනි මම බුදු රැස් දැක ගත්තෙමි
හිමියනි මම බුදු රැස් දැක ගත්තෙමි
මහ කරුණාවේ සිළිල ගලා එන
බුදු හිමියනි ඔබේ මෙත් දහරේ
මහ කරුණාවේ සිළිල ගලා එන
බුදු හිමියනි ඔබේ මෙත් දහරේ
නැහැවෙමි සසරෙහි කෙලෙස් මුදා හැර
බුදු හිමියනි ඔබෙ මෙත් දහරේ
අරුණළු ඇතිරෙන හිමිදිරි යාමේ
සිතුවිලි පව්වේ පෙරදිග අහසේ
හිමියනි මම බුදු රැස් දැක ගත්තෙමි
හිමියනි මම බුදු රැස් දැක ගත්තෙමි
ගායනය - වික්ටර් රත්නායක
ගී පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
ගී තනුව - වික්ටර් රත්නායක
Play Sample -
MP3 Source - Internet