Web Adawiya

Ahasa Numba Metharam - Deepika Priyadarshani Peiris

operator Reading time: ~1 minute

අහස නුඹ මෙතරම් - දීපිකා ප්‍රියදර්ශනී පීරිස් - ගී පද
Ahasa Numba Metharam - Deepika Priyadarshani Peiris - Song Lyrics

අහස නුඹ මෙතරම් සැඩ යැයි
දැනුනේ මහ වැසි වැටුනාමයි
පොළොව නුඹ මෙතරම් රළු යැයි
හැඟුනේ නියඟය ආවාමයි

අහස නුඹ මෙතරම් සැඩ යැයි
දැනුනේ මහ වැසි වැටුනාමයි
පොළොව නුඹ මෙතරම් රළු යැයි
හැඟුනේ නියඟය ආවාමයි

රෑට තරු ඉසිනා අහසට
අඳුරු සිත් ලැබුනේ කොහොමද
රෑට තරු ඉසිනා අහසට
අඳුරු සිත් ලැබුනේ කොහොමද
නේක මල් සදනා පොළොවට
නපුරු සිත් කොයිබින් ලැබුනිද

අහස නුඹ මෙතරම් සැඩ යැයි
දැනුනේ මහ වැසි වැටුනාමයි
පොළොව නුඹ මෙතරම් රළු යැයි
හැඟුනේ නියඟය ආවාමයි

නීල ඉඳුවර පෑ අහසට
කඳුළු වැසි දුන්නේ කවුරුද
නීල ඉඳුවර පෑ අහසට
කඳුළු වැසි දුන්නේ කවුරුද
පලා පෑ ඉසිලූ මිහිමත
නියන් ඇති රූයේ කවුරුද

අහස නුඹ මෙතරම් සැඩ යැයි
දැනුනේ මහ වැසි වැටුනාමයි
පොළොව නුඹ මෙතරම් රළු යැයි
හැඟුනේ නියඟය ආවාමයි


ගායනය - දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
ගී පද රචනය - ආනන්ද හේවාරන්හිඳගේ
ගී තනුව - රෝහණ වීරසිංහ

Play Sample -

MP3 Source - Internet