Adara Mal Wala - Kasun Kalhara and Indrachapa Liyanage
—
operator —
Reading time: ~1 minute
ආදර මල් වල - කසුන් කල්හාර සහ ඉන්ද්රචාප ලියනගේ - ගී පද
Adara Mal Wala - Kasun Kalhara and Indrachapa Liyanage - Song Lyrics
ආදර මල් වල පාට කියන්නද
මේ වගේ ලස්සන තව නෑ
මේ වගේ ලස්සන තව නෑ
මීදුම් පිණි පොද දෑස වසන් කර
සමනල් සිහිනය පිපුනා
සමනල් සිහිනය පිපුනා
දේදුනු රේඛා දෑසම තවරා
තවමත් මල් සිත බලා සිටිනවා
මීදුම් තවරා සුළඟක
ඈතක සඟවා තුන්සිත
දෑස හොරෙන් ඈත සොයනවා
අඳුර මැදින් එන්න සඳලියේ
දේදුනු සායම දෑස බොඳ කල
මාලති යායක හැලිලා
මාලති යායක හැලිලා
සීතල හිම කඳු යාය පිය මැන
දෙව්ලිය සිහිනෙට වැඩියා
දෙව්ලිය සිහිනෙට වැඩියා
ගායනය - කසුන් කල්හාර සහ ඉන්ද්රචාප ලියනගේ
ගී පද රචනය - වසන්ත කුමාර කොබවක
ගී තනුව - නවරත්න ගමගේ
Play Sample -
MP3 Source - Internet
Category: Kasun Kalhara