Web Adawiya

Sitha Oba Paamula Randawa - Deepika Priyadarshani Peiris

operator Reading time: ~1 minute

සිත ඔබ පාමුල රඳවා - දීපිකා ප්‍රියදර්ශනී පීරිස් - ගී පද
Sitha Oba Paamula Randawa - Deepika Priyadarshani Peiris - Song Lyrics

සිත ඔබ පාමුල රඳවා
බිඳි සෙනෙහස ගිනි උහුලා
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
ඔබට සෝ තැවුල් නොම වේවා

සිත ඔබ පාමුල රඳවා
බිඳි සෙනෙහස ගිනි උහුලා
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
ඔබට සෝ තැවුල් නොම වේවා
සිත ඔබ පාමුල රඳවා

අසුරු සැනක් වූ රුසිරු අතීතය
සිහිනෙන් ගෑ මුදු සුවඳක් සේ
අසුරු සැනක් වූ රුසිරු අතීතය
සිහිනෙන් ගෑ මුදු සුවඳක් සේ
සදා රැඳේවා ඔබේ ලොවේ

සිත ඔබ පාමුල රඳවා
බිඳි සෙනෙහස ගිනි උහුලා
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
ඔබට සෝ තැවුල් නොම වේවා
සිත ඔබ පාමුල රඳවා

ඔබට පිදුම් වූ සිතක විරාගය
කැටපත් පවුරක ගීයක් සේ
ඔබට පිදුම් වූ සිතක විරාගය
කැටපත් පවුරක ගීයක් සේ
සදා රැඳේවා ඔබේ හදේ

සිත ඔබ පාමුල රඳවා
බිඳි සෙනෙහස ගිනි උහුලා
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
ඔබට සෝ තැවුල් නොම වේවා
සිත ඔබ පාමුල රඳවා


ගායනය - දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
ගී පද රචනය - කුලරත්න ආරියවංශ
ගී තනුව - රෝහණ වීරසිංහ

Play Sample -

MP3 Source - Internet