Web Adawiya

Muwa Muktha Latha - Edward Jayakody

operator Reading time: ~1 minute

මුව මුක්තා ලතා - එඩ්වඩ් ජයකොඩි - ගී පද
Muwa Muktha Latha - Edward Jayakody - Song Lyrics

මුව මුක්තා ලතා පිපි හංසාංගනා
විල් නෙළුමාසනෙන් ආ ළඳේ
නුඹ භාග්‍යා සරෝජාවියේ
ස්වර්ණා වර්ණා පෑයෙන් දිලේ

මා හද ප්‍රේමාංගනේ 
රෑ නුඹ රාසෙන් ළඳේ
බඳ මණිමේඛලාව මුදා 
අනුරා නෙත් නගන් නොනිදා

ආකාස ගං චන්ද්‍ර නෞකාවේ
තනිවෙන්න යං පෙම් රසෝජාවේ
රූසිරු කල්‍යාණියේ 
මා සැතපෙන්නම් ප්‍රියේ
තුනු ශ්‍රීයෙන් විපුල් වොරැඳී 
මනසානන්ද මන්දෝදරී

නිසසනි සගගම පමපප නිනිසරි ග
රිග සගරිස නිප නිස රි
නිප මගප ගමප ගරි නිනි සරි ස

හිරු එන්න පෙර රාත්‍රි මේ සීතේ
හා හා ගයන් සෞම්‍ය සංගීතේ
ඒ හිරු නොනගීවා 
රෑ තව දිගු වේවා
ඔබෙ නළලේ සඳුන් තිලකේ
අද ඉහිරේද දෙතොලින් මගේ

මුව මුක්තා ලතා පිපි හංසාංගනා
විල් නෙළුමාසනෙන් ආ ළඳේ
නුඹ භාග්‍යා සරෝජාවියේ
ස්වර්ණා වර්ණා පෑයෙන් දිලේ

මා හද ප්‍රේමාංගනේ 
රෑ නුඹ රාසෙන් ළඳේ
බඳ මණිමේඛලාව මුදා 
අනුරා නෙත් නගන් නොනිදා


ගායනය - එඩ්වඩ් ජයකොඩි
ගී පද රචනය - අජන්තා රණසිංහ
ගී තනුව - ආනන්ද පෙරේරා


Play Sample -

MP3 Source - Internet

Category: Edward Jayakody