Kumatada Sobaniye - Rodney Warnakula
කුමටද සොබනියෙ - රොඩ්නි වර්ණකුල - ගී පද
Kumatada Sobaniye - Rodney Warnakula - Song Lyrics
කුමටද සොබනියෙ කඳුළු සලන්නේ
හේතුව මම නොදනිම්
ගිරිහෙල් අරඹේ ඇති මගෙ නිවසට
මම ඔබ ගෙන යන්නම්
ඔබ හට හැම සැප එහි දෙන්නම්
ඔබ හට හැම සැප එහි දෙන්නම්
කුමටද සොබනියෙ කඳුළු සලන්නේ
හේතුව මම නොදනිම්
ගිරිහෙල් අරඹේ ඇති මගෙ නිවසට
මම ඔබ ගෙන යන්නම්
කුමටද සොබනියෙ කඳුළු සලන්නේ
සඳ පායන කල ගඟබඩ ඉඳගෙන
ඔබෙ හිස පීරන්නම්
ඔබෙ හිස පීරන්නම්
මල් පෙති විසිරුනු සුදු වැලි මතුපිට
ඔබ ගෙන ඇවිදින්නම්
ඔබ ගෙන ඇවිදින්නම්
සොඳුරියෙ ආදර බස් දෙන්නම්
සොඳුරියෙ ආදර බස් දෙන්නම්
කුමටද සොබනියෙ කඳුළු සලන්නේ
හේතුව මම නොදනිම්
ගිරිහෙල් අරඹේ ඇති මගෙ නිවසට
මම ඔබ ගෙන යන්නම්
කුමටද සොබනියෙ කඳුළු සලන්නේ
තණ අග දිලිසෙන පිණි කැට අරගෙන
ඔබෙ ඇඟ දෝවන්නම්
ඔබෙ ඇඟ දෝවන්නම්
ඉර පායන විට පුබුදින මල් ගෙන
ඔබෙ හිස සරසන්නම්
ඔබෙ හිස සරසන්නම්
කොමලියෙ ආදර බස් දෙන්නම්
කොමලියෙ ආදර බස් දෙන්නම්
කුමටද සොබනියෙ කඳුළු සලන්නේ
හේතුව මම නොදනිම්
ගිරිහෙල් අරඹේ ඇති මගෙ නිවසට
මම ඔබ ගෙන යන්නම්
ඔබ හට හැම සැප එහි දෙන්නම්
ඔබ හට හැම සැප එහි දෙන්නම්
කුමටද සොබනියෙ කඳුළු සලන්නේ
කඳුළු සලන්නේ
කඳුළු සලන්නේ
කඳුළු සලන්නේ
කඳුළු සලන්නේ
ගායනය - රොඩ්නි වර්ණකුල
ගී පද රචනය - දයානන්ද ගුණවර්ධන
ගී තනුව - ලයනල් අල්ගම
වේදිකා නාට්‍යය - නරි බෑනා
Play Sample -
MP3 Source - Internet