Web Adawiya

Kandu Pamula Sita - Athma Liyanage

operator Reading time: ~1 minute

කඳු පාමුල සිට - ආත්මා ලියනගේ - ගී පද
Kandu Pamula Sita - Athma Liyanage - Song Lyrics

කඳු පාමුල සිට දැහැනට සම වැද
මා ගයනා ගී ඔබට ඇසෙනවද
කඳු මුදුනේ සිට දිවැස් හෙලනු මැන
ආල වඩන සඳ කිඳුරු ලියේ

මිටියාවත් කඳු ශිඛර සිසාරා
සඳ බැස යන තුරු ‍අවර වනපෙතේ
ඔබ කිවූ රහසින් මා සැළුනේ නැත
ඔබ අන්සතු බව මම දැන සිටියෙමි

ඇල දොල ගංගා සයුර සිසාරා
ඉර නැග එන විට පෙරඹර අහසේ
ඔය නෙතු කැල්මෙන් මා සැළුනේ නැත
ඔබ අන්සතු බව මම දැන සිටියෙමි

කඳු පාමුල සිට දැහැනට සම වැද
මා ගයනා ගී ඔබට ඇසෙනවද
කඳු මුදුනේ සිට දිවැස් හෙලනු මැන
ආල වඩන සඳ කිඳුරු ලියේ


ගායනය - ආත්මා ලියනගේ
ගී පද රචනය - සරත් ගුණරත්න
ගී තනුව - කාලෝ විජේවීර

Play Sample -

MP3 Source - Internet

Category: Athma Liyanage