Ahasayi Oba Mata - Deepika Priyadarshani Peiris and Sunil Edirisinghe
අහසයි ඔබ මට - දීපිකා ප්‍රියදර්ශනී පීරිස් සහ සුනිල් එදිරිසිංහ - ගී පද
Ahasayi Oba Mata - Deepika Priyadarshani Peiris and Sunil Edirisinghe - Song Lyrics
අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
ඉනිමන් බඳිනු බැරි
පොළොවයි ඔබ මට තරුවක් විලසට
රෑ කල පතිත වෙමි
අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
ඉනිමන් බඳිනු බැරි
පොළොවයි ඔබ මට තරුවක් විලසට
රෑ කල පතිත වෙමි
ගඟේ වතුර නෑ ඉහලට ගලා ගියේ
අසිනි හඬින් නෑ කඳුබිම් සසල වුනේ
ගඟ කවදා හෝ මුවදොර හමුවෙනවා
ලොව කැළඹුන දා කඳුබිම් හැකිලෙනවා
අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
ඉනිමන් බඳිනු බැරි
පොළොවයි ඔබ මට තරුවක් විලසට
රෑ කල පතිත වෙමි
අනාත සයුරක වැහිදිය දෝත ඔබයි
අගාධ අඳුරක දුල රන් සිළුව ඔබයි
ඔබ මට ලඟ බව ඉඳුරා මම දනිමි
ඔබ වට කහවනු පවුරට මහ දුරකි
අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
ඉනිමන් බඳිනු බැරි
පොළොවයි ඔබ මට තරුවක් විලසට
රෑ කල පතිත වෙමි
අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
ඉනිමන් බඳිනු බැරි
පොළොවයි ඔබ මට තරුවක් විලසට
රෑ කල පතිත වෙමි
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී පීරිස් සහ සුනිල් එදිරිසිංහ
ගී පද රචනය - බන්දුල නානායක්කාරවසම්
ගී තනුව - රෝහණ වීරසිංහ
Play Sample -
MP3 Source - Internet