රැල්ලේ කිරි වැල්ලේ - ඉෂාක් බෙග් සහ ජී.එස්.බී. රාණී පෙරේරා - කවර් ගී පද එම්පීත්‍රී ඩවුන්ලෝඩ්
Walle Kiri Walle - Ishaq Baig and GSB Rani Perera - Cover Song Track Lyrics Audio MP3 Download
වැල්ලේ කිරි වැල්ලේ හාදු දේවි
ජීවනයේ ප්‍රේම මැණික් පෑදේවී
ප්‍රේම අමා පානේ මුව බේරේවී
ලෝකෙම මා පාමුල මෙන් තේරේවී
මැණිකෙ ලැබුණි මාගේ පෙර පිනකින් වාගේ
ඕළු නෙළුම් මානෙල් මධු සංයෝගේ
විහිළු කරයි ප්‍රේමෙට අප දෙන්නාගේ
වැල්ලේ කිරි වැල්ලේ හාදු දේවි
ජීවනයේ ප්‍රේම මැණික් පෑදේවී
කියන්න කියන දෙයක් ඇයි ද ඉන්නෙ තාම බලා
නොදන්නවා ද සිහින ලොවෙදිත් මා ප්‍රේම කළා
ගම්මානේ පෙම් සිහිනේ පෙම් සිහිනේ
එළිවෙන්නේ ගම්මානේ
අසරණ කෙල්ලකි මා කුල සිරිතට දෙන්න නැතී
මට දායාද මොටද ඔබේ සිනා රැල්ල ඇතී
දැනගෙන රහස අපේ
කෙකටිය කැකුළු පිපේ
දැනගෙන රහස අපේ
කෙකටිය කැකුළු පිපේ
ඕළු නෙළුම් මානෙල් මධු සංයෝගේ
විහිළු කරයි ප්‍රේමෙට අප දෙන්නාගේ
වැල්ලේ කිරි වැල්ලේ හාදු දේවි
ජීවනයේ ප්‍රේම මැණික් පෑදේවී
හැම ඇඟ ලේ බිඳුවෙම
සොඳුරිගෙ මල් මුහුණ තිබේ
මිණි මුතු කුඩු වාගේ ඔය පා දුවිල්ල ඔබේ
ගම්මානේ පෙම් සිහිනේ පෙම් සිහිනේ
එළිවෙන්නේ ගම්මානේ
කපන්න බැහැ බැස යන වතුර පාර දෙගොඩ තලා
බිඳින්න බෑ අපගේ ප්‍රේම බැම්ම අකුල් හෙළා
එක හිත ඔබෙයි මගෙයි
අහසයි සඳයි වගෙයි
එක හිත ඔබෙයි මගෙයි
අහසයි සඳයි වගෙයි
ඕළු නෙළුම් මානෙල් මධු සංයෝගේ
විහිළු කරයි ප්‍රේමෙට අප දෙන්නාගේ
රැල්ලේ කිරි වැල්ලේ හාදු දේවි
ජීවනයේ ප්‍රේම මැණික් පෑදේවී
කියන්න කියන දෙයක් ඇයි ද ඉන්නෙ තාම බලා
නොදන්නවා ද සිහින ලොවෙදිත් මා ප්‍රේම කළා
ගම්මානේ පෙම් සිහිනේ පෙම් සිහිනේ
එළිවෙන්නේ ගම්මානේ
අසරණ කෙල්ලකි මා කුල සිරිතට දෙන්න නැතී
මට දායාද මොටද ඔබේ සිනා රැල්ල ඇතී
දැනගෙන රහස අපේ
කෙකටිය කැකුළු පිපේ
දැනගෙන රහස අපේ
කෙකටිය කැකුළු පිපේ
ඕළු නෙළුම් මානෙල් මධු සංයෝගේ
විහිළු කරයි ප්‍රේමෙට අප දෙන්නාගේ
වැල්ලේ කිරි වැල්ලේ හාදු දේවි
ජීවනයේ ප්‍රේම මැණික් පෑදේවී
ප්‍රේම අමා පානේ මුව බේරේවී
ලෝකෙම මා පාමුල මෙන් තේරේවී
මැණිකෙ ලැබුණි මාගේ පෙර පිනකින් වාගේ
ඕළු නෙළුම් මානෙල් මධු සංයෝගේ
විහිළු කරයි ප්‍රේමෙට අප දෙන්නාගේ
වැල්ලේ කිරි වැල්ලේ හාදු දේවි
ජීවනයේ ප්‍රේම මැණික් පෑදේවී
ගායනය – ඉෂාක් බෙග් සහ ජී.එස්.බී. රාණී පෙරේරා
මුල් ගායනය – මොහිදීන් බෙග් සහ ජී.එස්.බී. රාණී පෙරේරා
ගී පද රචනය – කරුණාරත්න අබේසේකර
ගී තනුව – පී. එල්.ඒ. සෝමපාල (හින්දි ගී තනුවක් ඇසුරින්)
චිත්‍රපටය – දෙයියන්ගෙ රටේ (1958)