Wednesday, June 11, 2025

Walaa Athula Siri Yahane | Amarasiri Peiris | Dala Rala Pela Tele Drama Theme Song Track | Lyrics MP3 Download

වළා අතුල සිරි යහනේ - අමරසිරි පීරිස් - දළ රළ පෙල ටෙලි නාට්‍යයේ තේමා ගීතය - ඔරිජිනල් ගී පද එම්පීත්‍රී ඩවුන්ලෝඩ්
Walaa Athula Siri Yahane - Amarasiri Peiris - Dala Rala Pela Tele Drama Theme Song Track - Original Song Track Lyrics Audio MP3 Download

වළා අතුල සිරි යහනේ
උණුසුම් හිරු කෙඳි පොරවා
ඉන්ද්‍රචාප කුමාරයා
නිදා වැටෙනවා

මල් සුගන්ධයෙන් නැලැවෙන
ලතා මඩුල්ලේ ලැගගෙන
රෑන් රෑන් සියොතුන් ගී
සින්දු කියනවා

ජීවිතය වගේ මුමුණන
ආදරය වගේ දිලිහෙන
දිය තරංග පොකුරක්
එලියෙන් නලියනවා

නොදරුවකු අතින් බොඳවුන
සිතුවමක් ලෙසින් සුන්දර
පාට රෑනකින් දස අත
රටා වියනවා

කිරිවැදී නටන ගොයමට
මිහිදුමින් වැටුණු පිණි කැට
රන්දමක් වගේ ගෙල වට
රනින් දිලෙනවා

හෙටක් ගැන යමක් නොදකින
හෙටක් තිබේ දැයි නොසිතන
කෙනෙක් මධුවිතක් තොල් අග
තවරගන්නවා

වළා අතුල සිරි යහනේ
උණුසුම් හිරු කෙඳි පොරවා
ඉන්ද්‍රචාප කුමාරයා
නිදා වැටෙනවා

මල් සුගන්ධයෙන් නැලැවෙන
ලතා මඩුල්ලේ ලැගගෙන
රෑන් රෑන් සියොතුන් ගී
සින්දු කියනවා

Download / Play / Listen

ගායනය – අමරසිරි පීරිස්
ගී පද රචනය – සුනිල් රත්නායක
ගී තනුව – ප්‍රේමසිරි කේමදාස
ටෙලි නාට්‍යය – දළ රළ පෙල

Archives

Categories

Subscribe

Stats

Flag Counter