කඳු පාමුල සිට - ආත්මා ලියනගේ - ඔරිජිනල් ගී පද එම්පීත්‍රී ඩවුන්ලෝඩ්
Kandu Pamula Sita - Athma Liyanage - Original Song Track Lyrics Audio MP3 Download
කඳු පාමුල සිට දැහැනට සම වැද
මා ගයනා ගී ඔබට ඇසෙනවද
කඳු මුදුනේ සිට දිවැස් හෙලනු මැන
ආල වඩන සඳ කිඳුරු ලියේ
මිටියාවත් කඳු ශිඛර සිසාරා
සඳ බැස යන තුරු අවර වනපෙතේ
ඔබ කිවූ රහසින් මා සැළුනේ නැත
ඔබ අන්සතු බව මම දැන සිටියෙමි
ඇල දොල ගංගා සයුර සිසාරා
ඉර නැග එන විට පෙරඹර අහසේ
ඔය නෙතු කැල්මෙන් මා සැළුනේ නැත
ඔබ අන්සතු බව මම දැන සිටියෙමි
කඳු පාමුල සිට දැහැනට සම වැද
මා ගයනා ගී ඔබට ඇසෙනවද
කඳු මුදුනේ සිට දිවැස් හෙලනු මැන
ආල වඩන සඳ කිඳුරු ලියේ
ගායනය – ආත්මා ලියනගේ
ගී පද රචනය – සරත් ගුණරත්න
ගී තනුව – කාලෝ විජේවීර