Friday, June 13, 2025

Seetha Arane Supul Naa Mala | Milton Mallawarachchi and Malani Bulathsinhala | Lyrics MP3 Download

සීත අරණේ සුපුල් නාමල - මිල්ටන් මල්ලවආරච්චි සහ මාලිනී බුලත්සිංහල - ඔරිජිනල් ගී පද එම්පීත්‍රී ඩවුන්ලෝඩ්
Seetha Arane Supul Naa Mala - Milton Mallawarachchi and Malani Bulathsinhala - Lyrics MP3 Download

සීත අරණේ සුපුල් නාමල
සුවඳ ගැල්වූ ජීවිතේ
සීත හිම ගිර සීත නොදැනේ
දැනේ උණුසුම ආදරේ

ලතාවක් සේ වෙලී සියොලඟ
පතමි රැකවරණය ඔබෙන්
ලතාවක් සේ වෙලී සියොලඟ
පතමි රැකවරණය ඔබෙන්
සදා දෝතින් මලක් සේ ඔබ
වැළඳ ගන්නෙමි හදවතින්
හදවතින්

වළාවක් සේ අයාලේ ගිය
සිතට නිවහන ඔබ ළඟයි
වළාවක් සේ අයාලේ ගිය
සිතට නිවහන ඔබ ළඟයි
මහා කතරෙක ගෙවූ තනි මඟ
නිමා කල ඉම ඔබ නෙතයි
ඔබ නෙතයි

සීත අරණේ සුපුල් නාමල
සුවඳ ගැල්වූ ජීවිතේ
සීත හිම ගිර සීත නොදැනේ
දැනේ උණුසුම ආදරේ

Download / Play / Listen

ගායනය – මිල්ටන් මල්ලවආරච්චි සහ මාලිනී බුලත්සිංහල
ගී පද රචනය – කුලරත්න ආරියවංශ
ගී තනුව – රෝහණ වීරසිංහ
චිත්‍රපටය – ආරාධනා (1981)

Archives

Categories

Subscribe

Stats

Flag Counter