Saturday, May 17, 2025

Sithin Ma Nosali | TM Jayaratne | Lyrics MP3 Download

සිතින් මා නොසැලී - ටී.එම්. ජයරත්න - ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
Sithin Ma Nosali - TM Jayaratne - Original Song Track and Lyrics

හිතින් මා නොසැලී හිඳිද්දී
කඳුල නුඹ ‍ඇවිදින්
නිවා දැමු ඒ නෙතේ පීඩා
නොබිඳිනූ මැනවී

තනිව මා හඬනා වෙලාවේ
සැලි සැලී සීතේ
වැටුනු මහ වරුසා මතක් වේ
නුඹ රැඳී දෑසේ

හිතින් මා නොසැලී හිඳිද්දී
කඳුල නුඹ ‍ඇවිදින්
නිවා දැමු ඒ නෙතේ පීඩා
නොබිඳිනූ මැනවී

තවම මා නොදුටූ සිනා කැන්
හමු නොවූ යාමේ
කඳුල මට කරුණා කරන්නැයි
අයැදිමී නිබඳේ

හිතින් මා නොසැලී හිඳිද්දී
කඳුල නුඹ ‍ඇවිදින්
නිවා දැමු ඒ නෙතේ පීඩා
නොබිඳිනූ මැනවී

Download / Play / Listen

ගායනය - ටී.එම්. ජයරත්න
ගී පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
ගී තනුව - ස්ටැන්ලි පීරිස්

Archives

Categories

Subscribe

Stats

Flag Counter