මගෙ නාමලී බැඳි ආදරේ - හරූන් ලන්ත්‍රා - ඔරිජිනල් ගී පද එම්පීත්‍රී ඩවුන්ලෝඩ්
Mage Namali Bandi Adare - Haroon Lanthra - Original Song Track Lyrics Audio MP3 Download
මගෙ නාමලී බැඳි ආදරේ
මනමාලියයි මැණිකේ ඔයා
ඔරුවේ නැගී එහි පාවෙවී
අමනාපයෙන් පිටවී ගියා
බැඳි ආදරේ සුකුමාලියේ
පෙම් පණිවිඩේ පාවේ ගඟේ
රස පෙම් හැඟුම් මාලඟ තබා
ඔබ කොහෙද යන්නේ පාවෙලා
ඒ ලොවේ කවුරුත් නැ ප්‍රියේ
දැන් මෙගොඩ එන්නේ පාවෙලා
මනමාලියේ
මගෙ නාමලී බැඳි ආදරේ
මනමාලියයි මැණිකේ ඔයා
ඔරුවේ නැගී එහි පාවෙවී
අමනාපයෙන් පිටවී ගියා
බට ලී හඬේ තාලේ මගේ
ඉන් ආදරේ හඬ පිටවුනා
අනුරාගියේ හද නලවනා
ඒ ගී හඬේ ඔබ සැඟවුනා
මනමාලියේ
මගෙ නාමලී බැඳි ආදරේ
මනමාලියයි මැණිකේ ඔයා
ඔරුවේ නැගී එහි පාවෙවී
අමනාපයෙන් පිටවී ගියා
බැඳි ආදරේ සුකුමාලියේ
පෙම් පණිවිඩේ පාවේ ගඟේ
ගායනය – හරූන් ලන්ත්‍රා
ගී පද රචනය – ධර්මසිරි ගමගේ
ගී තනුව – ආර්. මුත්තුසාමි