නන්දනීය පෙම - සේනානායක වේරලියද්ද - ඔරිජිනල් ගී පද එම්පීත්‍රී ඩවුන්ලෝඩ්
Nandaneeya Pema - Senanayaka Weraliyadda - Original Song Track Lyrics Audio MP3 Download
නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා
නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා
කෙන්ද කන්ද වී ලෝකයෙ නෙත විවර වෙලා
අන්ද මන්ද වී සිත්මල් තැලී පොඩි වෙලා
බැන්ද පෙම් රැහැන් එකිනෙක ලිහී ගිලිහිලා
මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා
මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා
නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා
ලන්ද වන පෙතේ කෝකිල ගැයුම ගොළු වෙලා
මන්දහාසයෙන් පිපි මුව මඩල මැලවිලා
දැන්ද සුව ගෙනේ විඳි සුව හදට ලංවෙලා
සුන්දරයි කියා පැතු හැම දෙයම සුන්වෙලා
සුන්දරයි කියා පැතු හැම දෙයම සුන්වෙලා
නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා
නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා
ගායනය - සේනානායක වේරලියද්ද
ගී පද රචනය - නන්දා උඩවත්ත
ගී තනුව - සිරිල් පෙරේරා