සතුටින් නිදැල්ලේ - ග්‍රේෂන් ආනන්ද - ඔරිජිනල් ගී පද එම්පීත්‍රී ඩවුන්ලෝඩ්
Sathutin Nidalle - Greshan Ananda - Original Song Track Lyrics Audio MP3 Download
සතුටින් නිදැල්ලේ – අවසර ලද ඇසිල්ලේ
සතුටින් නිදැල්ලේ – අවසර ලද ඇසිල්ලේ
මේ අඳුරින් මිදීලා – ඉගිලීයන් කුරුල්ලෝ
මේ අඳුරින් මිදීලා – ඉගිලීයන් කුරුල්ලෝ
සතුට පතා – හිතා මතා
කියමි ගොතා – නියම කතා
හොඳම කතා විනෝදයට – ඕන් අසාගන්නකෝ
හොඳම කතා විනෝදයට – ඕන් අසාගන්නකෝ
කුරුලෙකු සිර කරලා – තබනූ බැහැ නොවැ කිසිදා
කුරුලෙකු සිර කරලා – තබනූ බැහැ නොවැ කිසිදා
ඌ ලොවේ සුව සොයා ඉගිලුනේ
සැනසීමෙන් ඉඳලා – මැරුනත් කම් නැහැ කියලා
සැනසීමෙන් ඉඳලා – මැරුනත් කම් නැහැ කියලා
ඒ මිහිර සුව විඳින්න – සොඳුරු නැවුම් ලොවට යන්න
සතුටින් පියාඹන්න – රූං කියා නිදහසේ
සතුට පතා – හිතා මතා
කියමි ගොතා – නියම කතා
හොඳම කතා විනෝදයට – ඕන් අසාගන්නකෝ
හොඳම කතා විනෝදයට – ඕන් අසාගන්නකෝ
සිත සවියෙන් පුරවා – සිටිනා අය ජය ලබලා
සිත සවියෙන් පුරවා – සිටිනා අය ජය ලබලා
මේ ලොවේ සුව විඳී සැම දිනේ
ඇයි සෝකෙන් තැවිලා – මොකටද ඉන්නේ හඬලා
ඇයි සෝකෙන් තැවිලා – මොකටද ඉන්නේ හඬලා
මේ දොරගුළු බිඳින්න – පැතූ පැතුම් සඵල වෙන්න
සතුටින් පියාඹන්න – රූං කියා නිදහසේ
සතුට පතා – හිතා මතා
කියමි ගොතා – නියම කතා
හොදම කතා විනෝදයට – ඕන් අසාගන්නකෝ
හොදම කතා විනෝදයට – ඕන් අසාගන්නකෝ
හොදම කතා විනෝදයට – ඕන් අසාගන්නකෝ
හොදම කතා විනෝදයට – ඕන් අසාගන්නකෝ
ගායනය – ග්‍රේෂන් ආනන්ද
ගී පද රචනය – හේමසිරි හල්පිට
ගී තනුව – සරත් ද අල්විස්
චිත්‍රපටය – ජය අපටයි