නිවහල් සිතුවිලි සිතනා - ඩබ්ලිව් ඩී අමරදේව - ඔරිජිනල් ගී පද එම්පීත්‍රී ඩවුන්ලෝඩ්
Niwahal Sithuwili Sithanaa - WD Amaradeva - Original Song Track Lyrics Audio MP3 Download
නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි
නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි
නිදා නොහිඳ යලි පිබිදී අහස බලන්නේ
නවෝදයේ තෙද රැඳි හිරු පිපී දිලෙන්නේ
නිදා නොහිඳ යලි පිබිදී අහස බලන්නේ
නවෝදයේ තෙද රැඳි හිරු පිපී දිලෙන්නේ
පිදෙන හෙළ රන් ගොයමේ සිරිය උදාරයි
හෙළ නෙත සිත සනහා නව සිහින සදාලයි
පිදෙන හෙළ රන් ගොයමේ සිරිය උදාරයි
හෙළ නෙත සිත සනහා නව සිහින සදාලයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි
ගායනය – ඩබ්ලිව් ඩී අමරදේව
ගී පද රචනය – ඩෝල්ටන් අල්විස්
ගී තනුව – ඩබ්ලිව් ඩී අමරදේව