මගේ පුංචි රෝස මලේ - අමරසිරි පීරිස් - ඔරිජිනල් ගී පද එම්පීත්‍රී ඩවුන්ලෝඩ්
Mage Punchi Rosa Male - Amarasiri Peiris - Original Song Track Lyrics Audio MP3 Download
මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බමරා
නුඹ හීනෙන් වත්
නොදකින කුමරා
නුඹ හීනෙන් වත්
නොදකින කුමරා
කළුවර රෑ සඳක් වගේ
අහසේ නුඹ ඉන්නවා නම්
ආසයි මම නොකී කවිය ඔබට කියන්න
තරහක් නැහැ නුඹ බැස යන්න
මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බමරා
නුඹ හීනෙන් වත්
නොදකින කුමරා
නුඹ හීනෙන් වත්
නොදකින කුමරා
මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරිසරණවා නම්
ආසයි මං කවුළු පියන් ඇරලා තියන්න
තරහක් නැහැ නෑවිත් ඉන්න
මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන් වත්
නොදකින කුමරා
නුඹ හීනෙන් වත්
නොදකින කුමරා
ගායනය – අමරසිරි පීරිස්
ගී පද රචනය – ධම්මික බණ්ඩාර
ගී තනුව – ඩැනිස්ටර් පෙරේරා